Monday, May 13, 2024

අධිකරණය ඇන්දීමට උත්සහ කල බන්දුල ගුණවර්ධනට වැඩ වරදී

Must read

මහරගම නාවින්න හයිලෙවල් පාරේ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම විසින් අවස්ථා හතරකදී පෞද්ගලික බැංකුවකින් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක ණය මුදලක් හා ඊට අයත් පොලී මුදල් නොගෙවා පැහැර ඇරීම හේතුවෙන් එම ණය මුදල හා පොළී මුදල අය කර ගැනීම සදහා එම බැංකුව විසින් ඇල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගමට සහ නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරන ස්ථානයේ පදිංචි බන්ධුල ගුණවර්ධන මහතාට එරෙහිව නඩුව පැවරීය.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී බන්දුල ගුණර්ධන මහතා සදහන් කර ඇත්තේ තමන් අත්සන් තබන්නේ උකස්කරයකට බව නොදැන යම ලේඛනයකට අත්සන් කල බවයි. ඔහුගේ එම ප්‍රකාශයෙන් පසුව නඩු සම්බන්දයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත්කල කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා කියා සිටියේ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන ගුණවර්ධන මහතා වැන්නකු නොදැන අත්සන් කළැයි කියන කරුණු පිළිගත නොහැකි බවයි. ඒ අනුව විනිසුරුතුමන් නියෝග කර සිටියේ ඔහු විසින් එම ණය මුදල නොගෙවුවහොත් ඒ මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙසටයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article