Monday, May 13, 2024

ඉන්දු පාකිස්ථාන දේශසීමා උණූසුම්

Must read

 

පසුගියදා කාෂ්මීර ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු පාකිස්ථානයේ ඉන්දීය දේශසීමාව අශ්‍රිතාව පිහිටි ත්‍රස්ත කදවුරකට ඉන්දීය ගුවන් හමුදාව විසින් අද(26) අළුයම ප්‍රහාරයක් එල්ල කර තිබේ.  අද අළුයම 3.30ට පමණ එල්ල කල මෙම ප්‍රහාරයෙන් පාකිස්ථාන දේශසීමාවේ තිබූ ත්‍රස්ත කදවුර සම්පූර්ණයෙන් විනාශ වූ බවත් ඒ සදහා මිරාජ් 2000 ප්‍රහාරක ජෙට් යානා 12 ක් යොදාගනත් බවත් ඉන්දීය ගුවන් හමුදාව දන්වා සිටියි.

නමුත් පාකිස්ථානය පවසන්නේ ඉන්දීය ගුවන් හමුදාව මගින් සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවයි. මේ ආකාරයෙන් ඉන්දීය ගුවන්හමුදාව විසින් සිය දේශසීමව උල්ලංඝණය කිරීමෙන් අනතුරුව පාකිස්ථානය විසින්ද සිය ප්‍රහාරක ජෙට් යානා පිටත් කර හැර ඇත.

කෙසේ වෙතත් දේශසීමාවේ පිහිටි මෙම ත්‍රස්ක කදවුර ජයීෂ් ඒ මොහොමඩ් නමැති ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීන් පුහුණුකිරීමේ කඳවුරක් බවද වාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article