Saturday, May 18, 2024

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් රථ වර්ජනයේ

Must read

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට එරෙහිව අද(16) මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය යන සංගම් තීරණය කර ඇත.

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරිමට ඊයේ(15) පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමි වූ අතර අවම බස් ගාස්තුව සංශෝධනය නොකිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පල කර ඇත.

බස් ගාස්තු සියයට 6.56කින් ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පල කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය. පෞද්ගලික බස් සංගම් පෙන්වා දෙන්නේ පසුගියදා රජය ඉන්ධන මිල සංශෝධනය කිරීම හේතුවෙන් මෙම බස් ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් නොවන බවයි. රුපියල් 10 ක් වන අවම ගාස්තුව රුපියල් 15 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවත් සහ බස් ගාස්තු සියයට 20 කින් වැඩි විය බවත් පවසන බස් සංගම් අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් වර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article