Saturday, May 18, 2024

අද දුම්රිය ගමන්වාර 20 ක් ධාවනයට ..

Must read

වර්ජනය පැවතිය ද අද (15) උදෑසන දුම්රිය ගමන් වාර 20  ක් ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී  ඩබ්ලිව්. ඒ. ඩී.එස්. ගුණසිංහ පැවසු බව ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ
ඔහු පවසා ඇත්තේ , බෙලිඅත්ත,ගාල්ල, අවිස්සාවේල්ල, මහනුවර, රඹුක්කන, අලුත්ගම  හා මහව යන ප්‍රදේශවල සිට මෙම දුම්රිය ධාවනය කළ බවයි.

පස්වරුවේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළ බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව , සාමාන්‍ය දිනකදී කාර්යාලයීය දුම්රිය 45 ක් පමණ කොළඹට ධාවනය කරන බව ප්‍රකාශිතය

මේ අතර වෘත්තීය සමිති පවසා තිබුනේ , ඊයේ (14)  මධ්‍යම රාත්‍රීයේ  සිට ආරම්භ කළ දුම්රිය රියැදුරු වැඩ වර්ජනය අද (15) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක බවය

කෙසේවුවද ද ලිඩර් වෙබ් අඩවිය සිය වාර්තාකරුවන්ගේ තොරතුරු පදනම් කරගනිමින් සදහන් කර ඇත්තේ  වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා මතුව ඇතැයි කියාය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article