Monday, May 6, 2024

හොර පාරෙන් නැතුව හරි පාරෙන් මැලේසියා යන්න 10000 කට අවස්ථාව ..

Must read

 

මැලේසියානු රජය අනුමත කළ රැකියා දසදහසේ කෝටාවට අමතරව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා අතිරේක රැකියා දසදහසක කෝටාවක් වෙන් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසා ඇතැයි ITN පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ඊයේ (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විදේශ රැකියා නියෝජිත ආයතන සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

 

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා

අපි දැන් අලුත් ගමනාත්ත සොයාගෙන යනවා. ඒ යද්දී මැලේසියාව සුවිශේෂී ගමනාන්තයක් බවට පත් වුණා. කලින් සිටි මැලේසියානු රජය අපට රැකියා දහදහසක කෝටාවක් අනුමත කළා. මේ රැකියා දසදහසේ කෝටාවට අමතර ව වත්මන් මැලේසියානු රජයේ කැබිනට් මණ්ඩලය වෙතින් දසදහසින් පටන් අරන් ලක්ෂය දක්වා යන්න පුළුවන් තවත් තවත් රැකියා කෝටාවක් අනුමත කර ගන්න අපට හැකියාව ලැබුණා. ඒ මෙරට ආරක්ෂක අංශයේ සාමාජිකයන් සඳහා. මෙය රාජ්‍යයන් රාජ්‍යයන් අතර සිදුවන ගණුදෙනුවක් විදියට වෙන්නේ.

ඒ වගේ ම ඉදිරියේ දී මාසික ව ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ඉලක්කයක් කරා ගමන් කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශ රැකියා වෙත යොමු කිරීමේ ඉලක්කය සහ වගකීම සම්පූර්ණයෙන් ම රැකියා නියෝජිත ආයතන වෙත පවරලා රජය විදියට අපි විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කාර්යයට මුළුමනින් ම අවධානය යොමු කරනවා. ඒ අනුව විගමනික ශ්‍රමික දූ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන, නේවාසිකාගාර ඇතුළු ව්‍යාපෘති හා පහසුකම් රැසක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.

මේ රටේ විවිධ ක්ෂේත්‍රවලට රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ පහසුකම් ලැබෙනවා. ගොවියාට පොහොර ටිකට පවා සහන ලැබෙනවා වගේ මේ රටට වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන මේ ක්ෂේත්‍රය වෙනුවෙනුත් ඉදිරියේ දී උපරිම පහසුකම් සලසනවා. ඒ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත සකස් කරලා අවසන්. එහි දී ක්ෂේත්‍ර යේ අභිමානයෙන් වැඩ කරන්න අවශ්‍ය පසුබිම ශක්තිමත් ව සකස් කරලා තියෙනවා වගේ ම වැරදි කරන පිරිස විදේශ රැකියා ක්ෂේත්‍ර යෙන් සදහට ම ඉවත් කරලා දාන්නත් ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා.

මේ අතර පසුගිය කාලය කුල විසිට් විසා විවිධ ජාවරම්කරුවන්ගේ මාර්ගයෙන් මැලේසියට ගොස් සිටින ව්ශාල පිරිසක් මේ වන විට ස්ථිර රැකියාවක් නැතිකමෙන් සහ නිසි ආකාරයෙන් විසා ලබාගැනිමට නොහැකිව ලත වන එහි සිටින ඇතැම් කම්කරුවන් අප අමතා පවසා තිබේ.
ඇතැමුන්ට දින ගණනක් නිසි ආහාරයක් පවා ගැනිමට නොහැකිව සිටින අයද ඒ අතර වන බව ඔවුන් කියා සිටිති

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article