Saturday, May 18, 2024

අතුරුදන්වූවන්ගේ ඥාතින්ගේ සංගමයේ නායිකාවක් වව්නියාවේදී අත්අඩංගුවට ?

Must read

වසර ගණනක සිට වව්නියාවේ අඛණ්ඩ විරෝධතාවයක නිරත ව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතින්ගේ සංගමයේ නායිකා කාසිපිල්ලේ ජයවනිතා මහත්මියව  වවුනියාව පොලිසිය විසින් ඊයේ  (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

වවුනියාව පොලීසිය විසින් ඇයව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඔවුන් විසින් අඛන්ඩව පවත්වාගෙන යනු ලබන විරෝධතාවය සිදුකරන ස්ථතානයේ ඇති ගොඩනැගිල්ලට විදුලිය ලබාගෙන ඇත්තේ නීති විරෝධීව  යැයි පවසමිනි.

අතුරුදන්ව සිටින තම ඥාතීන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා මව්වරුන් වව්නියාව ඒ9 මාර්ගයේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපිටදී දින 2210ක් විසින් අඛන්ඩව මෙම විරෝධතාවය පවත්වනු ලබන අතර ය 2017 වසරේ සිට එම ප්‍රදේශයේ මඩුවක් තනා එම විරෝධතාවය සිදුකරගෙන යනු ලැබේ.

එම කුඩා ගොඩනැගිල්ල අසල වීදි කණුවට සවි කර තිබූ විදුලි ආලෝක සම්බන්ධතාවකින් විරෝධතා මඩුවට විදුලිය ලබා දී ඇත.

කොළඹ සිට පැමිණි විදුලි බල මණ්ඩල සාමාජිකයින් අනවසරයෙන් විදුලිය ලබා ගත් බවට  අතුරුදන්වුවන්ගේ ඥාතින්ගේ සංගමයේ ප්‍රධානී කාසිපිල්ලේ ජයවනීතාට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගෙන්  ප්‍රකාශයක් සටහන් කරගත් වවුනියාව පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන පොලිස් අත්අඩංගුවේ රඳවාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ සමගම උතුරු පළාත් සභාව ක්‍රියාත්මක වන විට තමන්ට විදුලිය ලැබුණේ විදුලිබල මණ්ඩලයේ අවසරය මත පමණක් බවත් එහි නිවැරදි කිරීමේ කටයුතු සිදු කළේ විදුලිබල මණ්ඩලය බවත් අතුරුදන් වූවන්ගේ ඥාතීන් ප්‍රකාශ කරමින් ඔවුන් අවධාරණය කර සිටියේ ඔවුන්  නීති විරෝධී ලෙස විදුලිය ලබාගෙන නොමැති බවය

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article