Saturday, May 4, 2024

ජන ජීවිතය අතහැර කැලෑ වැදුන ”බාලා” මුදවා ගනියි

Must read

 

මඩකලපුව දිස්ති‍්‍රක්කයේ පට්ටිපලෙයි ප‍්‍රදේශයට අයත් තන්ඩාමලෙයි  වනාන්තරයේ වනගතව සිටි බාලා නැමැති පුද්ගලයෙකු   බේරාගෙන රෝහලට භාරදීමේ සිද්ධියක් පසුගිය බදාදා (2023.03.08) වාර්තා විය.

මෙම සිදුවීමේ වඩාත් ප්‍රචලිත වන්නේ පසුගිය වසර 4ක සිට මානසික ආබාධ සහිත හිටපු දේශපාලන ක්‍රියාධරයෙකු වන බාලා නිවස අතහැර ගම්මානයෙන් පිටත කැලෑවේ අබලන් වූ මඩුවක ජීවත් වීමත් ඔහුව සොයාගැනිමට කිසිවෙකුටත් නොහැකි වීමත් සමගනි.

මොහු පිළිබදව හෝඩුවාවක් දැනගත් පසු ඔහුගේ දේශපාලන සගයින් වන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂයේ සාමාජිකයින් ඔහු සොයාගෙන තන්ඩාමලෙයි වනාන්තරය ලගාවූහ.  බාලාව සොයාගැනීමට  ඔහුගේ ඥාතීන්ගේ සහ ප්‍රදේශයේ ගම් සේවකයාගේ සහයද ලැබුණ අතර පසුව  මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී ඔහුව  ප්‍රතිකාර සඳහා රෝහලට යවා ඇත.

‘ඔහු මෙතෙක් කල් වල් පලතුරු කමින්, නාන්නේ නැතිව, කොණ්ඩේ නොකපා අපිරිසිදු ලෙස බාලා  ජීවත් වුණා. අපි එයාව අලුත් ඇදුම් අන්දලා එයාව රෝහලේදී  බලාගන්න තව කෙනෙක් යැව්වා.’ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ  පක්ෂයේ සාමාජික නකුලේස් මහතා පැවසුවා.

 

වී.ශක්තිවේල්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article