සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නම් ශ්‍රී ලාංකික තරුණයාට සමාව ලබා ගැනීම සඳහා රජය නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් උපරිම මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව රජය පවසයි.
අදාළ තරුණයාගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

විශේෂයෙන්ම, සෞදි රජුගෙන් මේ පිළිබඳව සමාව ඉල්ලා සිටීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලීමක් කිරීමට නියමිතව ඇති බව මෙහිදී සඳහන් කර තිබේ.
එමෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අභියාචනා ඉදිරිපත් කිරීම ඇතුළුව මේ වන විට නිල වශයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද දෙමාපියන් දැනුවත් කර ඇති අතර, අදාළ කටයුතු නිරන්තරයෙන් හා සමීපව අධීක්ෂණය කරමින් පවතින බව ද දන්වා ඇත.



