මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය හැබෑ කර ගැනීම වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහතාට අලුත් ඇමැතිකමකට කතා කළද විජේදාස මහතා දැඩි ලෙස ප්රතික්ෂේප කර තිබේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය සකසා ගැනීමට පාර්ලිමේන්තුව සභාව කල් දැමීම සිදු කර තිබුණද එජාපයෙන් එක් වනවා යැයි කිව් මන්ත්රීවරු කිසිවකුගේ සහය නොලැබෙන තත්වයක් ඇතිව තිබේ. හදිස්සියෙම රාජපක්ෂ සමඟ එක් වූ ආනන්ද අලුත්ගමගේ මන්ත්රීවරයාද තමන් ලණුවක් කෑ බව පවසමින් යළි එජාපය වෙත පැමිණිමට අදහස් කර තිබේ. විශේෂයෙන් එජාපයෙන් එක් වන මන්ත්රීවරයකුට රුපියල් බිලියනය දක්වා ලංසු මුදල් ඉහළ ගොස් තිබේ.
මේ නිසා ඇමැතිමකම් පමණක් බලාගෙන පැත්ත මාරු කිරීමෙහි ෙත්රුමක් නැති බව ඔහු හිතවතුන් හා පවසා තිබේ. මේ අතර වසන්ත ෙස්නානායක මන්ත්රී වරයාද යළි තමන්ගේ තීරණය අකුලාගෙන එජාපය සමඟ කටයුතු කිරීමට තීරණය කර තිබේ. එජාය ආණ්ඩුව බිඳ වැට්ටවිය නොහැකි බවට මේ වන විට තවුරුව ඇති නිසා ඔහු එම තීරණය ගෙන තිබේ.
lankadaily.com