Wednesday, September 16, 2026
spot_img

රු. මිලියන 1.4ක් සොරකම් කල අධිවේගී මාර්ගයේ කැෂියර් අත්අඩංගුවට

Must read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලෙනිගම හුවමාරුවේ සේප්පුවෙන් සොරකම් කරගත් රුපියල් මිලියන 1.4ක් සමග පලා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලෙනිගම හුවමාරුවට අනුයුක්තව සේවය කල මුදල් අයකැමියෙකි.

පරීක්ෂණ වලදී හෙලිවී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වූ අයෙකු බවත් ණය ගෙවීම සඳහා මුදල් සොරාගෙන ඇති බවත් ය. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ තිබී පොලීසියට හමුවී ඇත්තේ සොරාගත් මුදලින් රුපියල් 384,000 ක් පමණකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article