අද(10) පස්වරු 6.00ට අරලියගහ මන්දිරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්දයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිත බවද වාර්තා වෙයි. එමෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන්ද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිතය.