Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

මාන්කුලම් වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝවිද්‍යා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම ජනපති අතින්

Must read

 

නෙදර්ලන්ත රජයේ මූල්‍ය ආධාර යටතේ රුපියල් මිලියන 4500 ක වියදමින් ඉදිකළ මුලතිව් මාන්කුලම් සම්පත් රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය අද (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද   මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.

අද  පෙරවරුවේ පුදුකුඩිරිපු මධ්‍ය මහා විද්‍යාලයීය පොන්විජ්ජා ශාලාවේදී ජනතාවට ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමෙන් අනතුරුව උලංගු ගුවන්තොටුපළ හරහා මාන්කුලම් මහාවිද්‍යාල ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාන්කුලම් ප්‍රදේශයේ ඉදිකළ රෝහල් ගොඩනැගිල්ල විවෘත කළේය.

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර බී.එස්.එම්.සෝල්ස්, ග්‍රාමීය ආර්ථිකය සහ මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, නෙදර්ලන්ත තානාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අදිකලනාදන් විනෝ නොගරතලිංගම් සහ විවිධ දේශපාලන නායකයින් ,රාජ්‍ය නිලධාරීන් සහභාගි වූහ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article