Thursday, September 17, 2026
spot_img

පාසල් සහ වෙළඳ ස්ථාන වලට ගංවතුර!

Must read

මුලතිව් පුදුකුඩිරිප්පු ප්‍රදේශයට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වීදිවල ජලය එකතැන පල්වී වාණිජ ආයතන, පාසල් සහ නිවාස ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වුණා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නොකඩවා වැසි ඇද හැලෙමින් පවතී. මේ හේතුවෙන් පුදුකුඩිරිප්පු නගරයේ විශාල වශයෙන් ජලය එකතැන පල්වී ප්‍රදේශයේ වෙළෙඳුන්ට, පාසල්වලට සහ ජනතාවට විශාල හානියක් සිදුවී තිබේ. මේ හේතුවෙන් පාසල් සිසුන්ගේ, වෙළෙන්දන්ගේ සහ ප්‍රදේශයේ ජනතාවගේ ඉගෙනුම් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය සභාව සහ පොලිසිය එක්ව පුදුකුඩිරිපු ප්‍රදේශයේ කාණුව ජලය බැස යා හැකි පරිදි පිළිසකර කිරීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළ යුතුය.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article