Monday, May 20, 2024

රම්සි රසීක්ට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන්න නියෝග

Must read

ICCPR පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස පහක් සිරකර සිටි මුස්ලිම් ලේඛකයෙකු වන රම්සි රාසික්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ. නිදහස් ලේඛක රම්සි රසීක් සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක් හේතු කොටගෙන 2020 අප්‍රේල් මාසයේදී ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

පසුගිය 14 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ  ඔහුට වන්දි හා නඩු ගාස්තු ගෙවන ලෙසටයි රජයට නියෝග කරමිනි. මෙම නියේගය අනුව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.එම් ඒ.එස්.කේ සේනාරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ ඩබ්ලිව් තිලකරත්නට ඔවුන්ගේ පුද්ගලික මුදලින්රුපියල් මිලියනයක වන්දියක්  ගෙවිය යුතු බව වාර්තා වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article