Thursday, September 17, 2026
spot_img

මුලතිව් – කොක්කුතොඩුවායි   සමූහ මිනීවලේ කැණීම් කටයුතු යළි අරඹයි

Must read

මුලතිව් – කොක්කුතොඩුවායි   සමූහ මිනීවලේ කැණීම් කටයුතු නැවතත් ඊයේ (20) වනදා ආරම්භ කෙරුණා.
මුලතිව් කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ කැණීම් කටයුතු පසුගිය සැප්තැම්බර් මස 06 වැනි දින ආරම්භ වූ අතර සැප්තැම්බර් (15) දක්වා කැණීම් කටයුතු සිදු කරන ලදී. මෙම කැණීමේදී මිනිස් සිරුරු  17ක්, තුවක්කු , එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ අංක තහඩු, ඇඳුම් පැළඳුම් ඇතුළු සාක්ෂි සොයා ගැනීමත් සමඟ එම කැණීම් කටයුතු අත්හිටුවා නැවත කැණීම් කටයුතු ආරම්භ කිරීම පිළිබඳව විවිධ පාර්ශ්ව තුළ සැකයක් මතුව තිබේ. .

මුලතිව් අධිකරණ විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කේ.වාසුදේව, අධිකරණ වෛද්‍ය පොලිසිය සහ ග්‍රාමසේවා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම කැණීම් කටයුතු සිදු කෙරේ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article