දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ගමන් ගන්නා මංතීරුවේ, ගැලනිගම හුවමාරුව අසලදී වාහන 10කට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටීමෙන් බරපතල අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මේ වන විට අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ඇති ගමනාගමනය තාවකාලිකව එක මංතීරුවකට සීමා කර ඇත.
අනතුරට ලක්වූ වාහන ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පොලිසිය සහ අධිවේගී මාර්ග බලධාරීන් කටයුතු කරමින් සිටින අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබේ.



