ඉන්දියානු හමුදාවන්ට එරෙහිව මරාන්තික උපවාසයක් කොට මිය ගිය තිලිපන් සමරා නල්ලුර් කෝවිල අසල ස්මාරකයක් යළි ඉදිකිරිමේ යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කොට ඇතැයි වාර්ථා වේ
මෙම යෝජනාව උතුරු පළාත් සභාවේ සභාපති සි.වි.කේ සිවඥානම් මහතා විසින් ඉදිරිපත් කොට තිබුණි
තිලිපන් සමරා නල්ලුර් කෝවිල අසල ඉදිකර තිබු ස්මාරකය පසුගිය රාජපක්ෂ පාලනය සමයේදි කඩාවිනාශ කොට තිබුණි.
තිලිපන්ගේ 30 වන අනුස්මරණය 2017 සැප්තැම්බර් 26 යෙදි ඇත.