ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව, ජාතික පොල් සංවර්ධන මණ්ඩලය දිවයින පුරා ක්‍රියාත්මක කරන “තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ” ජාතික වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන අද (02) දඹුල්ල, කරදගොල්ල වෑව කපුහේන ප්‍රදේශයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ කෙරිණි.
”පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්, කප්රුක සවියක් – වැඩි ඵලදාවක්” තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්රී, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති තිලක් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරිය මෙන්ම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව ගෝලීය තැඹිලි අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් රටේ ආර්ථික සංවර්ධනයට ජනතාවගේ දායකත්වය ලබා ගැනීම සහ විදේශ විනිමය උපයා ගැනීම අපේක්ෂා කෙරේ. එහි ප්‍රථම අදියර ලෙස තෝරාගත් ගොවීන් පිරිසක් වෙත තැඹිලි පැළ සහ සහනාධාර චෙක්පත් ප්රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.
මුලාශ්‍රය දඹුල්ල කාංචන ආරියදාස

