Monday, December 23, 2024

කොවිඩ් ආසාදිතයන් හදුනාගැනීමට නව පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය සරසවියෙන්

Must read

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදි පරීක්ෂණ ක්‍රමවේදයක් හදුන්වාදීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් කටයුතු කර තිබේ.

විශේෂිත පරීක්ෂණ කට්ටලය “RT LAMP (Reverse Transcription Loop Mediated Isothermal Amplification) ලෙස හදුන්වන අතර මේ වන විට මෙම පරීක්ෂණ කට්ටලට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටු අනුමැතිය හිමිව ඇති අතර ර එහි ලියාපදිංචිය ඉදිරියේදී ලැබීමට නියමිතය.

එම උපකරණය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචික ප්‍රනාන්දු මහතා පවසනේන රුලියල් 1500ක පමණ මුදලක් වැය කරමින් කඩිනමින් හා අඩු පිරිවැයකින් ආසාදිතයන් හඳුනා ගැනීමට හැකියාව මෙම පරීක්ෂණ කට්ටලය මගින් ලැබෙන බවයි.

තවද මෙම පරීක්ෂණ කට්ටලය මේ වන විට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට හදුන්වා දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article