Monday, May 20, 2024

ඉදිරියේදී නිරන්තරයෙන් භූචලන සිදුවිය හැකියි

Must read

ඉන්දු-ඔස්ට්‍රේලියා භූ තැටියේ විචලනය මත ඉදිරියේදී ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සුළු භූ චලනයන් ඇති විය හැකි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සදහන් කරයි. ඒ අනුව ඉදිරියේදී රිච්ටර් පරිමාණ 3ට වඩා විශාලත්වයෙන් යුතු භූ චලන නිරන්තරයෙන් ඇතිවීමේ හැකියාව පවතින බව සභාපතිවරයා පෙන්වා දෙයි.

මෙරට තුල මෙතෙක් සිදුවූ භූ කම්පන සියල්ල සිදුවී ඇත්තේ දිවයිනේ ගිනිකොණ ප්‍රදේශය ආශ්‍රිතව බවත් බදුල්ල, මහනුවර ආදී දිස්ත්‍රික්ක තුල පවා සිදුවූ භූ කම්පන සිදුව ඇත්තේද ගිනිකොණ දෙසට වන්නට බව ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් විශාල භූ කම්පනයක් සිදුවනු ඇති බවට මේ වන තෙක් අනුමාන කර නැති නමුත් මින් වසර කිහිපයකට පෙර ඉන්දියාවේ ප්‍රාන්තයක විශාල භූ චලනයක් සිදුවී තිබීම නිසා මෙම සුළු භූ චලන පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවද සභාපතිවරයා පවසයි

පසුගිය 07 වනදා ලුණුගම්වෙහෙර ජලාශයේ වේල්ල අසල පෙරවරු 10.38ට පමණ රිච්ටර් පරිමාණ 2.4ක් විශාලැති සුළු භූ චලනයන් සිදුවූ අතර, ඉකුත් අගෝස්තු මස 24 වැනිදා රාත්‍රි 9.29ටද යාල කලාප අංක 01 ප්‍රදේශයෙන් රිච්ටර් පරිමාණ 2.5ක විශාලත්වයෙන් යුතු භූ චලනයක් වාර්තා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article