Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

එළඹෙන 25 වනදා සිට මඩකලපුව ගුවන් තොටුපල සිවිල් ගුවන් සේවා සදහා විවෘතයි

Must read

මඩකළපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවරීමෙන් අනතුරුව, ගුවන් යානා මෙහෙයුම් හා සේවා කටයුතු සදහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් මාර්තු 25 වෙනි ඉරුදින ආරම්භ කිරීමට නියමිතය.රජය විසින් රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රචලිත කිරීම හා නැගෙනහිර පළාතේ දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණ ඇතිව  මඩකළපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා අධිකාරියට පවරන ලදී.

1066 ක් දිගින් හා මීටර් 46 ක් පළලින් යුතු ධාවන පථය ප්‍රතිසංවර්ධනය කොට ධාවන පථයේ නව විදුලි පද්ධතියක්ද ස්ථාපිත කොට ඇති අතර මගී පර්යන්ත ගොඩනැගිල්ලද සියලු පහසුකම් සහිතව නවීකරණය කොට ඇති මෙම ගුවන් තොටුපළ නවීකරණය කොට ප්‍රතිසංවර්ධනය කිරීමට රජය විසින් රුපියල් මිලියන 1400 ක මුදලක් වැය කර ඇත. එලබෙන මාර්තු 25 වෙනිදායින් පසු මෙම ගුවන් තොටුපළේ සියලු කාර්යයභාරයන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් සිදු කෙරෙනු ඇති. මේ වන විටත් පෞද්ගලික ගුවන් සේවා සමාගම් කිහිපයක්ම  රත්මලාන හා මඩකළපුව අතර මඟී ගුවන් සේවා පවත්වාගෙන යෑම සඳහා කැමැත්ත පළ කර තිබෙන අතර මේ තුළින් රජයට ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකිවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි.
 මඩකළපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ ආරම්භ කරනු ලැබුවේ 1958 වසරේ නොවැම්බර් මස 17 වන දින සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේය. වසර ගණනාවක් පුරා රට තුළ පැවති කුරිරු යුධමය වාතාවරණය හේතුවෙන් වසර 25 කට ආසන්න කාලයක් යුධ හමුදා හා ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පරිහරණය කෙරිණි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article