Saturday, May 4, 2024

අගමැතිට එරෙහිව විශ්වාසභංගය පරාජය කිරීමට අත්සන් 80ක්,ඉලක්කය 113ක්

Must read

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කරන බවට ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂය, මේ වන විට අගමැතිවරයාට සහාය පළ කරන මන්ත්‍රිවරුන් 113 දෙනකුගේ අස්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ඊයේ ආරම්භ කර තිබේ. ඒ අනුව ඊයේ දිනය තුලදී එජාප මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පාර්ලිමේන්තුවේදී එම ලේඛනයට අත්සන් කර ඇති අතර විදෙස් ගතව සිටින මන්ත්‍රීවරුන් හා අද දිනයේදී පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රිවරුන් ඉදිරියේදී මෙයට අත්සන් කිරීමට නියමිත බව වාර්ථා වෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ලබන 04 දා විවාදයට ගැනීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය පවසන්නේ එම යෝජනාව පරාජය කරන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article