මේ මරිමෝඩ හෝ අවස්ථාදී මහාචාර්යවරියක්. විද්වත් සභාවක් ඉදිරියේ මේ වගේ බේගල් දෙසාබාන්නේ හැඳි මිටේ නුවණ තියෙන කෙනෙක් නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආණ්ඩුව “බලල්ලු ලවා කොස් ඇට බාවනවා” වගේ බොරුවක් සමාජගත කිරීමට යොදාගත් වාහකයක්.
2022 අප්‍රේල් මාසයේ Mohamed Ali Sabry මුදල් අමාත්‍ය ධූරය භාරගන්නේ බැසිල් රාජපක්ෂගෙන් පස්සේ. එතකොට විදෙස් සංචිත හිඳිලා තමයි තිබුණේ.
ඉතිහාසයේ පළමු වතාවට විදෙස් ණය ගෙවීමත් නතර කළා. අලි සබ්රි මුදල් අමාත්‍යවරයා මේ කාලය තුළ IMF ණය යෝජනා ක්‍රමයට ඇතුල්ත්වීම ඇතුළු ඉතා වැදගත් වැඩකොටසක් ඉටුකළා.
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ 2024 වසරේ ජනාධිපති ධූරයෙන් ඉවත්වන විට විදෙස් සංචිතය ඩොලර් බිලියන 6 ක් පමණ වර්ධනය වී තිබුණා. වර්තමානයේ එය බිලියන 7 ක් පමණ වන අතර එය අඛණ්ඩ වර්ධනයක් මිසක මාලිමා ආණ්ඩුව බිංදුවේ සිට ගත් ආරම්භයක් නොවේ.
එමෙන්ම රනිල් වසර දෙකක් තුළ විදෙස් සංචිතය බිංදුවේ සිට ඩොලර් බිලියන 6 ක් දක්වා වර්ධනය කරද්දි වත්මන් ආණ්ඩුව සිය අවුරුදු දෙකක කාලය තුළ ළඟාකරගෙන ඇත්තේ ඩොලර් බිලියන එකක වර්ධනයක් පමණයි.
එය වෙළෙඳ පොළෙන් අඛණ්ඩව ඩොලර් මිලදී ගැනීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු බහුපාර්ශ්වික ආයතනවලින් ලැබුණු මූල්‍ය ප්‍රතිපාදන මගින් ලබාගත් ස්ථාවර වර්ධනයක්. වත්මන් ආණ්ඩුව ඉතා මැනවින් මේ තත්ත්වය කළමනාකරණය කරගන්නා බවත් පේන්න තිබෙන දෙයක්.
එහෙත් ආණ්ඩුව වගේම ඊට සම්බන්ධ උගතුන් පවා අතර මැදි වසර දෙකක් නොතකා හැර දඩාර මුසාවාදයක් සමාජගත කරන බව පේනවා. ඒක මහා ගුණමකුකමක්.
ICU එකෙන් ලෙඩා සාමාන්‍ය වාට්ටුවකට දැම්මේ 2022-2024 අවුරුදු දෙකක කාලය තුළ බව අවිව්වාදිතයි. එහෙත් ආණ්ඩුව ඒ කාලය අතුරුදන් කර තමන් ආර්ථිකය ගොඩදැමූ බව ජප කරමින් ඉන්නවා.
මේවා වහල් සමාජයකට අතාරින බොරු. ආණ්ඩුවක් බහුතරයක් දිනා ගන්න නම් තරමක් හෝ යථාර්ථවාදී වෙන්න ඕන. සත්‍යවාදී වෙන්න ඕන. ඇමති ලාල් කාන්ත පමණයි මේ කරුණ පිළිඅරගෙන කතා කරනවා දුටුවේ.
මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කළ බවත් රට ආර්ථික වශයෙන් වැටුනු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ එය ගොඩදැමූ බවත් කවර දේශපාලන එදිරිවාදිකම් තිබුණත් අප පිළිගත යුත්තක්. අනුර දිසානායක ඊටත් එහා දෙයක් කළොත් එහි ගෞරවයත් නොපැකිලව ඔහුට දෙන්න ඕන.
|මහින්ද රුබසිංහ




