Tuesday, September 15, 2026
spot_img

හොරොව්පතාන රත්මලේ රක්ෂිතයේ අක්කර 150ක් එළි කරලා

Must read

ඡායාරූපය – අදදෙර

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිමේ ඇති රත්මලේ රක්ෂිතයේ අක්කර 150කට අධික ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර තිබේ.

ඇතාබැඳි වැව, කඩවක යන ගම්මානවලට මායිම්ව පිහිටා ඇති එම රක්ෂිතයේ ඇති වීර, පළු, මෝර, කැටකෑල, දඹ, කෝන්, විල්ල වැනි වටිනා ශාක රැසක් කපා දමා පුළුස්සා ඇති බවත්, ඇතැම් ගස් දැවවලට ඉරා රැගෙන ගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් පෙන්වාදෙයි. මෙම විනාශය සම්බන්දයෙන් අදාළ අංශ වෙත පැමිණිලි කළ ද, මේ පිළිබඳ තවමත් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුව නොමැති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. එමෙන්ම ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසන්නේ මෙම දැවැන්ත වන සංහාරයට වන සංරක්ෂණ නිලධාරීන්ගේද සහයෝගය හිමිව ඇති බවයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article