Friday, May 3, 2024

20 අධ්‍යනයන කරන්න කමිටුවක්

Must read

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසිනි.

කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ…

අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල.
අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.
අමාත්‍ය විමල් වීරවංශ.
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.
රාජ්‍ය අමාත්‍ය එස්.වියලේන්ද්‍රන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොලවත්ත.

මෙම කමිටු වාර්තාව සැප්තැම්බර් මස 15 වන දින අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article