කොවිඩ් ප්රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. ඒ අනුව හෙට උදෑසන සිට අනිද්දා (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා සදහන් කරයි.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම මෙම තීරණයට හේතුව බවයි.