අක්මිමණ ප්‍රදේශය තුළ පිහිටි සුනාමි ගම්මානවල ස්ථිර පදිංචිකරුවන්ට ස්ථිර ඔප්පු නොලැබිම නිසා තම දරුවන් ඒ ආසන්නයේ ඇති පාසල්වල පළමු වසරට ඇතුලත් කරගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇති බැව් සුනාමි ගම්මානවල පදිංචිකරුවෝ පවසති.
ආසන්න පදිංචියෙන් පළමු වසරට දරුවන් ඇතුලත් කිරිමේදි ස්ථිර ඔප්පුව අනිවාර්ය බවට අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කොට ඇති චක්‍ර ලේඛනය නිසා මෙම තත්වය උදාවි ඇත. අක්මිමණ වළහන්දුව ප්‍ර දේශයේ සුනාමියෙන් විපතට පත්වුවන් පදිංචිව සිටින ගම්මාන හතක් පමණ තිබෙන අතර මෙම තත්වය නිසා මෙම ගම්මානවල පදිංචිකරුවන්ට මෙවර තම දරුවන් පළමු වසරට ඇතුලත් කිරිමේදි ගැටලු රැසකට මුහුණ දිමට සිදුවි ඇත..
දැනට වසර 12ක පමණ සිට සුනාමියෙන් විපතට පත් ජනතාව මෙකි ගම්මානවල පදිංචිව සිටින අතර එහෙත් මේ දක්වා මොවුන්ට ස්ථිර ඔප්පු ලැබි නොමැති බව එම ගම්මානවල පදිංචිකරුවෝ පවසති.
මේ පිළිබද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි වික්‍රමසිරි මහතා මෙලෙස අදහස් දැක්වීය.
“ මේ පාසල් දරුවන්ට කිසිදු අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. පළාත් සභාව මගින් පාලනය වන පාසල්වලට මේ ප්රශ්නයේ දි පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වෙනවා. පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් දිලා තියෙනවා සුනාමියෙන් විපතට පත්වෙලා පාසල් සිමාවේ පදිංචිකරුවන්ගේ දරුවන් පළමු වසරට ඇතුලත් කිරිමේදි ස්ථිර ඔප්පුව නොසලකා හැර ඒ දරුවන් පාසලට ඇතුලත් කර ගන්න කියලා. අභියාචනාවලදිත් ඒ දරුවන්ට ඉඩක් වෙන්කරලා තියෙනවා.ඒ නිසා කිසිදු දරුවෙකුට අසාධාරණයක් වෙන්නේ නැහැ. පාසල් සිමාවේ පදිංචි දරුවන් ඔප්පුව නොසලකා හැර පළමු වසරට ඇතුලත් කරගන්නා ලෙස මා විදුහල්පතිවරුන්ට උපදෙස් දිලා තිබෙනවා “යැයිද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසිය.
(www.ada.lk)