Sunday, May 19, 2024

මහින්ද තාමත් ශ්‍රිලනිප සාමාජිකයෙක් ගම්මන්පිල කියයි.

Must read

(8.00PM) පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තාමත් ශ්‍රිලනිප සාමාජිකයෙකු බව උදය ගම්මන්පිල පවසයි. එහිදී ඔහු සදහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ වෙත විපක්ෂ නායකධූරය තනතුර සදහා සුදුසුකම් නොමැති බව පෙන්වීම සදහා ඔහු ශ්‍රිලනිප සාමාජිකයෙක් නොවන බවට මතයක් සමාජගතවෙමින් පවතින බවයි.

අද දිනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කර ඇති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල සදහන් කර ඇත්තේ ”  මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ඉල්ලා අයදුම්පතක් භාර දුන්න බවට ආරංචියි.  ඒත් සාමාජිකත්වය දුන්නා ද නැද්ද කියන එක දන්නේ බැසිල් රාජපක්ෂ මහතා තමයි.” ලෙසය.

ගම්මන්පිල මෙසේ තර්ක ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකධූරය සදහා සුදුසු බව ඔප්පු කිරීමට වෙර දැරුවත්  ශ්‍රිලනිප උප සභාපති පියසේන ගමගේ මහතා සදහන් කර සිටියේ පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ පක්ෂ සාමාජිකත්වය හා මන්ත්‍රීධූරයද පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඔවුන්ට අහිමි වී ඇති බවයි.

කෙසේ වෙතත් පාර්ලිමෙන්තුව විසුරාවාහැරීම පවා නීත්‍යානුකූල බවට තර්ක පිට තර්ක දිරිපත් කල නීතීඥ උදය ගම්මන්පිල  මෙහිදී ඉදිරිපත් කරන තර්කය වන්නේ ශ්‍රිලනිපය විසින් කිසිදු අවස්ථාවක මහින්ද මහතා ශ්‍රිලනිප සාමාජිකත්වයෙන් තබා අනුශාසක ධූරයෙන්වත් නෙරපා හැරියේ නැති වීම හේතුවෙන් රාජපක්ස මහතාහට ශ්‍රි ලනිප සාමාජිකයෙක් ලෙස විපක්ෂ නායක ධූරයට හිමිකම් කීමේ හැකියාවක් පවතින බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article