සංවර්ධන කමිටු සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට මාසිකව ලක්ෂ දෙකක දීමනාවක් ලබාදීම සදහා පළාත් පාලන පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කල කැබිනට් පත්රිකාව දෙවන වරටත් ප්රතික්ෂේප වී ඇති බව වාර්ථා වෙයි. මෙම කැබිනට් පත්රිකාව මීට සති කිහිපයකට පෙරද ඉදිරිපත් කෙරුණු අතර එහිදීද එයට කැබිනට් අනුමැතිය හිමි නොවිනි.
සංවර්ධන කමිටුවල සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 23 දෙනෙකුට මෙම දීමනාව ගෙවීමට අනුමැතිය ඉල්ලා ඇති බවද වාර්තාවේ.
මෙහිදී සිය විරෝධය පල කල ජනාධිපතිතුමන් සදහන් කර ඇත්තේ මෙවැනි ක්රියාවන් මගින් රාජ්ය නිලධාරීන්ද කලබල විය හැකි බවයි.
එම යෝජනාවට විරෝධය පළකර ඇති ජනාධිපතිවරයා මේ අවස්ථාවේ එවැනි දීමනාවක් ගෙවීමේ හැකියාවක් නැතිබවත් එවැන්නක් ගෙවීමෙන් රාජ්ය නිලධාරීන්ද කලබල විය හැකි බවත් පවසා ඇත.එහිදී අදහස් දක්වා ඇති ඇමැති වජිර අබේවර්ධන මහතා සංවර්ධන කමිටු සභාපති ධූර දරන පාර්ලිමේන්තු මන්ත්රීධුරයට ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසය වන විට තෙක්ම මෙම දීමනාව ගෙවා ඇති බව සඳහන් කර ඇත.