මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හෙට (25) වනදා රාත්‍රී වන තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයක සදහන් වේ.
එම කාලය තුල බස්නාහිර , දකුණ,සබරගමුව හා මධ්‍යම පළාත් වලට මිලිමීටර් 200 ඉක්මවූ අධික වර්ෂාපතනයක් හා වයඹ,උතුර,ඌව හා නැගෙනහිර පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තරමක් තද වර්ෂාපතනයක්ද බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සදහන් වේ.
පසුගිය පැය 2ක කාලය තුල වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කටුනායක ප්‍රදේශයට වන අතර එය මිලිමීටර 219.1ක වර්ෂාපතනයක් ලෙස වාර්තා වී ඇත.