Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

වායුගෝලයේ කැළඹීමක් …

Must read

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන් අද (30)සිට ඉදිරි දින කීපයේ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

 

උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article