Sunday, May 19, 2024

පෙරීප්ලා” ලාංකේය ප්‍රථම ප්‍රදර්ශනය එසේ සිදුවිය.

Must read

“පෙරීප්ලා” ලාංකේය ප්‍රථම ප්‍රදර්ශනය එසේ සිදු විය.

පෙරීප්ලා කියන්නේ මගේ දසවන නිර්මාණය කිව්වොත් මම නිවැරදි. මීට පෙර නිර්මාණය කල නිර්මාණයන් ගත්තම ඉන් බොහොමයක් විවිධ සම්මානයන්ට පාත්‍ර වුනා සහ ජාත්‍යන්තර ඇගයීමට ලක් වුනා. ඉතිං කෙටි චිත්‍රපටයක් හදල ඇගයීමට ලක් වෙනව කියන්නේ යම් උත්තේජනක් සහ සතුටක් විදියටයි මම දකින්නේ.

2016 වර්ෂය අග භාගයේ දී මා විසින් නිර්මාණය කල The Life හරහා තමයි මම මුලින්ම මේ ක්ෂෙත්‍රයට පා තබන්නේ චිත්‍රපටය අධ්‍යක්ෂකවරයෙක් විදියට ඒත් වැඩි කතා බහට ලක්වන්නෙ සහ මාව අදුර ගත්නෙ සම්මාණනීය නිර්මාණයක් වූ අදුරැ වළාකුළු කෙටි චිත්‍රපටය හරහා. ඊට පෙර මම සංස්කරණ ශිල්පියෙක් ලෙස ටෙලිනාට්‍ය චිත්‍රපටය කිහිපයක සංස්කරණයෙන් දායක වෙලා තියෙනව. දැනටත් සංස්කරණ ශිල්පියෙක් විදියට වැඩ කරනව.

ඉතිං පහුගිය දා අපි පෙරිප්ලා මුල් වරට ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලය ශ්‍රවණාගාරයේ ප්‍රදර්ශනය කලා. චිත්‍රපටය බලන්න බොහෝ පිරිසක් ආව අවසානයේ ශාලාවෙන් පිට පුටු තියල තමයි සමහරුන්ට බලන්න උනෙ ඉතිං ඒ අය මා එක්ක එහෙම කලා කියල තරහක් නැ. ගොඩක් විවාර විවේචන සුභවාදී අදහස් කප්පාදු අදහස් එකී මෙකි නොකී අදහස් දැක්වුවා ගොඩක් සන්තොෂයි.

චිත්‍රපට නිර්මාණකරැවෙක් විදියට ම⁣ගෙ චිත්‍රපටයක් බලල ඒ ගැන පසුකාලීනව කතා කිරීම සහ ඔවුන්ගේ අදහස් ඇහෙන විට මාර සතුටක් දැනෙන්නෙ. ඒ තෘප්තිය නිසාමයි මම චිත්‍රපට කරන්නෙත්. (සම්මාන ඇගයීමට ලක්වීමෙනුත් එහෙම තෘප්තියක් ලැබෙනව)

පෙරිප්ලා කෙටි චිත්‍රපටය වගේම මගෙ අනිත් චිත්‍රපට වලට දායක වුනු රංගන ශිල්පීන්ට තාක්ෂණික ශිල්පීන්ට සහ නන් අයුරින් උදව් කල සියළුම දෙනාට මාගෙ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිනව.

ඒ වගේම පෙරීප්ලා චිත්‍රපටය සාර්ථක නිර්මාණයක් බවට පත් කිරීමට තැත් කල සහ මෙහි ප්‍රධාන පුරැකක් වන ඒ වගේම පිටපත් රචනයෙන් දායක වුනු ජයන්ත රාජරත්න බන්ඩාරයන්ටත් Jayantha Rajarathna බෙහෙවින් ස්තුතියි මේ චිත්‍රපටය සදහා මාව තෝරා ගැනීම සම්බන්ධයෙන්.

ඒ විතරක් නෙවෙයි. මෙහි විශාල පිරිසක් වැඩ කලා උදව් කලා රංගනයෙන් මහේන්ද්‍ර වීරරත්න Mahendra Weeraratne ඉමේෂා එදිරිපක්ෂ Imesha Ediripaksha අමිල චින්තක Amila Chinthaka Amila Chinthaka Gamage සහ කවිත්මා ඕෂිනී Kavithma Oshini බෙහෙවින් ස්තුතියි. ඒ වගේම මෙහි නිෂ්පාදනයෙන් එලබඩගේ ලලිතා සංගීත අධ්‍යක්ෂණයෙන් නවරත්න ගමගේ සහාය අධ්‍යක්ෂණයෙන් ඉරේෂා සදමාලි Iresha Jayaweera කලා අධ්‍යක්ෂණයෙන් චාමින්ද සම්පත් වේෂ නිරෑපනයෙන් නිලීෂා Nileesha Kulathunga සහ අයේෂාත් Ayesha Wijesooriya සහාය කැමරා ශිල්පීන් ශබ්ද පටිගත කල සහෝදරයා Behind The Scenes ටික ගත්තු අශාන් Ashan Fernando ඇතුළු නන් අයුරින් ශ්‍රම දායකත්වය දුන් සියළුම දෙනාටත් මාගෙ ගෞරවනීය ස්තුතියි පුදකර සිටිනව.

ඒ වගේම හැමදාම වගේ අකුරැ වැරදී කිය කිය බැනවදිමින් මට මහා විශාල සහායක් දෙන ඉරේෂා සදමාලි @Iresha ඔබටත් බෙහෙවින් ස්තුතියි. චිත්‍රපටය මුලින්ම බැලුවෙත් ඔයා තමයි. ඉන් නොනැවතී ගොඩක් ලොකු සේවයක් කලා නැවතත් ස්තුතියි.

ඒ වගේම මගේ මිත්‍ර සමාගම මගෙ මිත්‍ර ජීවා Jeewan Koswaththa සුසා Susantha Piyasiri දස්සා Dasun Eranga චානා Pramod Chanaka සංජීව අයියා Sanjeewa Bogahawattage ඇතුළු සියළුම මිත්‍ර සමාගමටත් බෙහෙවින් ස්තුතියි.

ඉතාමත් කාර්යබහුල තත්ත්වය සිටියත් මේ වැඩේ පො⁣ටො ටික කරල දුන්නු දස්සා මගෙ ආදරණීය මිත්‍රයා සහ ප්‍රභාත්ටත් බෙහෙවින් ස්තුතියි. ඒ වගේම මගෙ නිර්මාණයන් ගැන කතා කරන්න මට ආරාධනා කල සියළුම මාධ්‍ය ආයතනවල මාධ්‍ය සගයන්ටත් එම ආයතනයන්හි අධ්‍යක්ෂක ඇතුළු සියළුම දෙනාටත් බෙහෙවින් ස්තුතියි.

නැවතත් ලගදීම අලුත් චිත්‍රපටයකින් හමුවෙමු…

(ගයාන් ප්‍රනාන්දුගේ ෆේස්බුක් පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article