Wednesday, September 2, 2026

වයඹ වෙරළ තීරයේ නාවික හමුදාවට දැන් බීඩි කොළකාරයොත් බය නැද්ද?

Must read

​පසුගිය කාලයේ  නීතිවිරෝධී බීඩි කොළ තොග පිටින්  ගොඩබිමට ගෙන ආ  සිදුවිම් කිපයක්ම මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

ඊයේ  (සැප් 01)දිනයේද එවැන්නක් වාර්තාවි ඇතැයි ප්‍රදේශවාසින් කියා සිටිති.

ගොඩබිමට රැගෙන එමින් තිබුන බවට සැක කරන මේ බීඩි කොළ තොගය කෙසේ හෝ පසුව මුහුදට අතහැර දමා ඇතැයි සැක කෙරේ.

හලාවත, තොඩුවාව, කුඩාමඩුවැල්ල ප්‍රදේශවාසින් කියා සිටින්නේ මෙම බිඩි කොළ තොගය වෙරළ තීරයට ගොඩගසා ඇති බවයි..

​පසුගිය කාලය තුල තුල කහ , බීඩි කොළ  දුම්කොළ සහ තවත් බොහෝ දේ වයඹ  වෙරළ තීරයට ගොඩබෑමට ජාවාරම්කරුවන් විසින්  සැලසුම් කර තිබිමෙන්ම පෙනි යන්නේ විශේෂයෙන්ම වයඹ වෙරළ තීරයේ නාවික හමුදාවට මේ ජාවාරම්කරුවන් බය නැතැයි කියා නොවේද  ?

නව නාවික හමුදාපතිවරයා පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පත්විමත් සමගින් එම දිස්ත්‍රික්කයේ සැලකිය යුතු පිරිසක් සමාජ මාධ්‍ය මෙවලම් යොදාගනිමින් නව නාවික හමුදාපතිවරයාගේ අවධානයට යොමුකර තිබුනේ වයඹ වෙරළ තීරයේ ආරක්ෂාව  , ජාවාරම් සහ නාවික හමුදා⁣වේ දුර්වලතා පිලිබදවය.

අප අමතා කතා කල තොඩුවාවේ වැසියෙකු කියා සිටියේ නාවික හමුදාවට දැන් බීඩි කොළ කාරයොත් බය නැතැයි කියාය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article