සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (26) සිට මෙම සංශෝධන ක්‍රියාත්මක වනු ඇත.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයට අනුව,
- ආපනශාලා තුළට ඇතුළු කර ගත හැක්කේ එහි ධාරිතාවෙන් 1/3 ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 75 සීමාව ඉක්මවා නොයා යුතු ය.එළිමහන් ස්ථානයක නම්, ඇතුළු කර ගතහැකි පුද්ගලයින් සංඛ්‍යාව 100කි.
- මංගල උත්සව සඳහා ශාලා ධාරිතාවෙන් 1/3කට සහභාගී විය හැකි අතර පුද්ගලයින් සංඛ්‍යාව 100 ඉක්මවා නොයා යුතු ය.
- විවාහ මංගල උත්සවලදී මත්පැන් සංග්‍රහ තවදුරටත් තහනම් ය.