ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා රනිල් වික්‍රමසිංහ මහතා රටේ නීත්‍යානුකූල අගමැති ලෙස කථානායකවරයා පිළිගෙන ඇති බව කියන පුවත බොහෝ විදේස් මාධ්‍යවල අවධානයට ලක්ව තිබේ.
ජනාධිපතිවරයා ව්‍යාවස්ථාව නොසලකා හරිමින් කටයුතු කර ඇති ආකාරය සහ ආචාරධාර්මික ක්‍රියාකර තිබිම ගැන මෙම ලිපිය මගින් මතු කර තිබුණි.
එහි තවදුරටත් අදහස් දක්වා ඇති කථානායක කරු ජයසූරිය මහතා කියා ඇත්තේ අගමැතිගේ ආරක්ෂාව හා වරප්‍රසාද සුරක්ෂිත කිරීම සඳහා වන වික්‍රමසිංහගේ ඉල්ලීම සාධාරණ එකක් බවය.
“නොවැම්බර් 16 වනදා තෙක් පාර්ලිමේන්තු වාරය අහෝසි කිරීම (අහෝසි කිරීම) අපේ රටට බැරෑරුම් හා අහිතකර ප්‍රතිවිපාක ඇති කරවන අතර, මම නැවත සලකා බැලීමට කාරුණිකව ඉල්ලා සිටිමි.” ජයසූරිය මහතා ජනාධිපති වෙත දන්වා ඇතැයි ද වාර්ථාවේ.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස වෙන්කර ඇති ආරක්ෂාව හා රථවාහන ඉවත් කිරීම සඳහාද සිරිසේන මහතා නියෝග කර තිබේ.
පාර්ලිමේන්තුව අත්හිටුවීමට පෙර සිරිසේන මහතාට කථානායකවරාගේ උපදෙස් ගත යුතුව තිබුනේ යැයි ද කතානායකවරයා කියා ඇති බවද මාධ්‍ය වෙත විසින් වාර්ථා කර තිබුණි.