Saturday, November 23, 2024

රතුපස්වල ඝාතකයන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා 94ක් යටතේ නඩු පැවරයි

Must read

මිට වසර 6කට පමණ පෙර පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කල රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට පමණ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්දයෙන් යුක්තිය ඉටු කිරීම සදහා යුද හමුදා බි‍්‍රගේඩියර්වරයකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද (11) නඩු පැවරිණි.

මෙම නඩු විභාගය සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතීපතිවරයා, අග්‍ර විනිශ්චකාරවරයාගෙන් ඉල්ලීමක් සිදුකල අතර එම ඉල්ලිම පිලිගනිමින් ඒ සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමෙන් පසුව නීතීපතිවරයා විසින් මෙලෙස මහාධිකරණයේ නඩු පවරන ලදී. ඒ අනුව මෙම නඩු විභාගය සදහා පත්කල විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වන්නේ මේනකා විජේසුන්දර (සභාපති) නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි මහත්ම මහත්මීන්ය.

යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු වන අනුර දේශප්‍රිය ගුණවර්ධන, හමුදා සෙබළුන් වන ඩිංගිරි අරුණගේ සිරිසේන, ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ ලලිත් ග්‍රේ නමැත්තන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 94 ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article