බෙංගාල බොක්ක ආශ්‍රිතව ඊයේ (2) පැවතුණ “බුරෙවි” කුණාටුව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ජනයාගේ සාමාන්‍ය ජීවිතයට විශාල බලපෑමක් සිදුවී ඇති වී ඇති අතර බොහෝ මිනිසුන් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇත. මුහුද ඉතා කැලඹිලි සහිත වූ හේතුවෙන් මුහුදු ජලයෙන් බොහෝ ගම්මාන යට වූ අතර වෙරළ තීරයේ ධීවර බෝට්ටු හා යාත්‍රා වලට හානි විය. මුලතිව් හා කෝකිලායි ප්‍රදේශයේ වෙරළට ආසන්නව සිටි පුද්ගලයින් 440 ක් පමණ තාවකාලික කඳවුරු හතරක රඳවා සිටිති. මේ අතර ඔවුන්ට පිසින ලද ආහාර සපයනු ලැබේ.
වැව් , විශාල ජලාශ්ර ජයෙන් පිරී ගංවතුර ගලමින් පවතී. මේ අතර, මරුධන්කුලම් වැව මේ වන විටත් කැඩී ගොස් විශාල ජල ප්‍රමාණයක් එක්රැස්වී ඇති අතර එමඟින් කොක්කාවේ, තුනුක්කයි දෙසට යන ප්‍රධාන මාර්ගය අවහිර වී ඇත.
බොහෝ ස්ථාන වල ගස් ඉදිරී ගොස් මාර්ග වලට ද බාධා ඇතිවී තිබේ. තාවකාලික නිවාසවල සිටින බොහෝ පවුල් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. ප්‍රදේශයේ එකතැන පල්වෙන ජලය හේතුවෙන් දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශයට ගමන් කරන ජනතාව විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ.
මෙම කුණාටුව මුලතිව් වෙත විශාල බලපෑමක් සිදුකරන බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙර සිටම ප්‍රකාශ කරන ලදී.
ඡායාරූප – එස්.තවසීලන්