Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

යාපනයේ නිවසක වහළක් කඩා වැටී දැරියක් ඇතුළු සිව්දෙනෙකුට තුවාල

Must read

(1.47am) උතුරු ප්‍රදේශ වලට ඊයේ (2) රාත්‍රිය වනවිට අධික සුළං සහ වර්ෂාව දැඩිව බලපෑ ඇති බව යාපනයේ මාධ්‍ය වාර්තා කරයි.  යාපනය ,  වඩමාරච්චි, වැල්වෙටිතුරෙයි  ප්‍රදේශ වලට කුණාටු තත්ත්වයෙන් බලපෑම් ඇතිවී තිබේ.  ඊයේ රාත්‍රියේ දී වැල්වැටිතුරෙයි අඩිකොවිල් අසල  කුඩා සුළි කුණාටුවක් ඇතිවී ඇති අතර ඒ හේතුවෙන් පවුල් 50 කට වැඩි පිරිසක් අවතැන්ව ඇත. අවතැන්වූවන් එම ප්‍රදේශවල පෞද්ගලික ශාලා වල රඳවා ඇත.  තද සුළඟ හේතුවෙන්  බොහෝ නිවාසවලට හානි සිදුවී ඇති අතර ගස් කඩා වැටී තිබේ. නිවසක වහලය කඩා වැටීමෙන් දැරියක් ඇතුළු සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි. තුවාල ලැබූවන් වැල්වෙටිතුරෙයි යුරානි රෝහලට ඇතුළත් කර තිබේ.හිසට බරපතල තුවාල සිදුවී ඇති එක් පුද්ගලයෙකු පේදුරු තුඩුවේ මූලික රෝහලට මාරුකර ඇත.


තොරතුරු – tamilwin.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article