Friday, September 20, 2024

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර මත කොරෝනා වෛරසයට දින 28ක් නොනැසී පැවතිය හැකි බව හෙළිවෙයි

Must read

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නවකොරෝනා වෛරසමයට දින 28 පමණ කාලයක් සක්‍රීයව පැවතිය හැකි බව ඒ සම්බන්දයෙන් ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ පරීක්ෂණයකින් හෙලිවී තිබේ.එමෙන්ම සීතල උෂ්ණත්වයන් වලදීද මෙම වෛරසයට නොනැසී පැවතීමේ හැකියාව ඇති බව එහිදී හෙලිවී තිබේ.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන වෛද්‍ය ඩේබි ඊගල්ස් සඳහන් කළේ වෛරසයේ හැසිරීම අනුව එයින් ආරක්ෂා විමට සෑම විටම දෑත් පිරිසිදු කොට තබා ගැනීම වැදගත් බවයි.එමෙන්ම වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීම සදහා මුදල් වෙනුවට විද්‍යුත් ක්‍රම හරහා ගෙවීම් ක්‍රම උපයෝගී කර ගැනීම වැදගත් වන බවත් පර්යේෂකයන් පෙන්වා දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article