Tuesday, November 5, 2024

මාතර ⁣හෝටලයක නැවතී සිටි රුසියානු ජාතිකයෙකුට කොවිඩ් ආසාදනය වෙයි : හෝටල් සේවකයන් නි⁣රෝධායනයට

Must read

මාතර,පොල්හේන ප්‍රදේශයේ හෝටලය නවාතැන්ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොවිඩ්19 ආසාදනය වී ඇතිබව ඊයේ(23) දිනයේදී තහවුරු වී තිබේ.

15 දෙනෙකුගෙන් සමන්විත රුසියානු සංචාරකයින් පිරිසක් පසුගිය අගෝස්තු 13වනදා දිවයිනට පැමිණ ඇති අතර මෙම පිරිස අනිවාර්ය නිරෝධායන කටයුතු සම්පූර්ණ කිරීම සදහා මාතර ප්‍රදේශයේ හෝටලයක් වෙත යොමු කර ඇත.

එම පිරිස අද (24) දිනයේදී මෙරටින් පිටත්ව යාමට නියමිතව සිට ඇති අතර ඒ හේතුවෙන් මාතර ප්‍රදේශයේ පුද්ගලික රෝහලකදී PCR පරීක්ෂණය සිදුකර ගෙන ඇත. එහිදී එම පිරිසෙන් එක් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර අනෙක් පුද්ගලයන් 14 දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව හෙලිවී ඇත.

කෙසේ වෙතත් මේ වන විට ආදාල රුසියානු ජාතිකයා ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති අතර හෝටලේ කාර්යයමණ්ඩලය හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් නි⁣රෝධායනයට යොමු කර ඇත.
එමෙන්ම හෝටලයේ සේවය කරමින් සිට නිවාඩු ලබාගෙන සිය නිවෙස් වෙත ගිය හෝටලේ සේවකයන් සම්බනදයෙන් මේ වන විට තොරතුරු රැස්කරමින් පවතින බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article