පසුගිය ජනාධිපතිවරණ්‍ය පරාජය වීමත් සමග හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පුද්ගලිකව එහි වගකීම භාර ගත්තත් පසුව කරල ලද විමසුම් වලදී ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පරාජය වීමට කහඉර අනිවාර්ය කිරීමද හේතුවක් වී ඇති බවයි
ඔහු මේ සම්බන්දයෙන් ප්‍රකාශ කර සිටියේ පසුගිය 18වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවැති තරුණ වෘත්තීයවේදීන්ගේ සමුලුවකට සහභාගි වෙමිනි.බෞද්ධාලෝක මාවතේ පිහිටි රජයේ ආයතන කිහිපයක පිරිස් හමු වූ අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් කහඉරි අනිවාර්ය කිරීම නිසා තමන්ට ලැබෙන තේ වේලාවේදී තේ බී නැවතත් පැමිණීමට නොහැකි වීමත්, කහඉරෙන් පාර මාරු වන්නටනම් පැයකට පමණ පෙර තම රාජකාරී වෙත පැමිණීමට සිදුවීමත් හේතුවෙන් තමන් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දාය නොදුන් බවයි .