Sunday, May 12, 2024

දෙමළ කථා කිරීමට නොහැකි වීම මාගේ අඩුපාඩුවක් – අගමැති

Must read

2018 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවන භාෂාව සදහා විශිෂ්ඨ ප්‍රථිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමට ලක්කිරීම සදහා පසුගිය 18 වනදා පැවැති උත්සවය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ තමන්ට දෙමළ භාෂාව කථා කිරීමට නොහැකි වීම තමන්ගේ අඩුපාඩුවක් බවයි.

එම අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිතුමන් ප්‍රකාශ කල සිටියේ “මේ රටතුල සියළුම ජාතීන් එකම මවකගේ දරුවන් ලෙස සැලකූවත් එකම රටේ ජීවත් වන වෙනත් ජාතියක සහෝදරියක් හෝ සහෝදරයෙකු සමඟ කතා කිරීමට තවත් ජාතියක සහෝදරයෙකුට හෝ සහෝදරියකට හැකියාවක් තිබුණේ නැහැ.අපේ රටේ ප්‍රධානතම ගැටළුව වූයේ එයයි “යනුවෙනි.

2015න් පසු රටතුල අපහසුවෙන් වූවක් සංහිදියාව ගොඩනැගිමීට හැකි වූ බවත් ඒ හේතුවෙන් කොතරම් ගැටළු ඇති වූවාත් තවත් යුද්ධයක් වළක්වා ගන්නාට හැකිවූ බවත් රට තුල සංහිදියාව නිර්මාණය වීමත් සමග සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමළ ඉගෙන ගන්නා විට දෙමළ භාෂාව භාවිත කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිංහල භාෂාව ඉගෙන ගන්නා බවත් අගමැතිතුමන් ප්‍රකාශ කර සිටියේය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article