Tuesday, September 15, 2026
spot_img

මරණ දඩුවම හිමිවූ සිව්දෙනෙකුට ජනාධිපති සමාව??

Must read

 

අධිකරණය හමුවේ වරදකරුවන් බවට පත්ව මරණ දඩුවම හිමි වූ පුද්ගලයන් සිව් දෙනෙකුට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
කොළඹ හා ත්‍රිකුණාමලය මහාධිකරණයේ විභාග වූ නඩු විභාග දෙකකින් වරදකරුවන් බවට පත්ව මරණදඩුවම නියම වූ හමුදා සෙබලුන් තිදෙනෙකුට හා හමුදා නිලධාරියෙකුට ජනාධිපති සමාව හිමි වීමට නියමිත බව ශ්‍රීලංකා මිරර් වාර්තා කර සිටියි.

මෙම පුද්ගලයන්ට සමාව දීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව සම්බන්දයෙන් මේ වන විට එම නඩු තීන්දුව ලබාදුන් මහාධිකරණ විනිසුරුවන් තිදෙනාගෙන් විධිමත් වාර්තාවක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි. ඒ අනුව බොහෝ විට මෙම පුද්ගලයන් මහ මැතිවරණයට පෙර නිදහස් කරනු ඇත.

නිදහස් දිනට පෙර රාජපක්ෂවාදී පුද්ගලික නාලිකාවක් විසින් මරණ දඩුවම හිමිය සිටින සිය සහෝදරයා බේරා ගැනීම සදහා විශාල මුදලක් වැය කරමින් කටයුතු කරන ආකාරයට දැක ගන්නට ලැබුණත් එම උත්සාහයන් ඵලරහිත විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article