පසුගිය 02 වනදා රාත්රියේදී මඩකලපුව පොලීසිය විසින් ඉරුදයපුරම් ග්‍රාමයේදී සාහසික ලෙස පහරදී අත්අඩංගුවට ගත් 21 හැවිරිදි චන්ද්‍රන් විදූෂන් නැමැති 21 තරුණයා පසුවදා මියයාම සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් විසින් පොලීසියට චෝදනා කර සිටියි. ඔහු පිලිබදව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඔහු මියගොස් ඇත්තේ අයිස් නමැති මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ගිලදැමීම නිසා ඇතිවූ අභ්‍යන්තර පිපිරීමක් හේතුවෙන් බවයි. නමුත් ඔහුගේ දෙමාපියන් හා සොහොයුරිය පවසන්නේ සිය පුත්‍රයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලීසිය විසින් ඔහුට පොලු වලින් පහරදුන් බවයි. මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධ පරීක්ෂණය එරාවුර් පොලීසිය වෙත බාරදී තිබේ. විදූෂන්ගේ සොහොයුරිය පවසන්නේ පොලීසිය සිදුකළ පහරදීම නිසා ඔහු මිය ගිය බවත්, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පිළිගැනීමට නොහැකි බවත්ය. ඊයේ (04 ) විදූෂන්ගේ දේහය නිවසට ගෙන ආ අතර මේ සම්බන්ධව පරීක්ෂණ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එරාවුර් පොලීසිය වෙත පවරා තිබේ.