Friday, September 20, 2024

පෙළපාලිය අවහිර කරන්නැයි ඉල්ලීමක් කළේ නැහැ – ඇමෙරිකානු තානාපති කාර්යාලය කියයි

Must read

සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතියට එක්සත් ජනපදය සහයෝගය දක්වන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූල යැයි ද එම තානාපති කාර්යාලය කියයි.

ඇමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

‘‘අද දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපට පවත්වන්නට නියම කරගෙන තිබූ පෙළපාළියක් අවහිර කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බව අපි දන්නෙමු. එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැත. සෑමවිටකම මෙන් රටේ සිටින තානාපති ආයතන දරන වෑයම් සහ මුහුණු ආවරණ පැළඳීමට නියම කිරීම, මහජන රැස්වීම්වල විශාලත්වය සීමා කිරීම සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා ඔවුන් විසින් දරනු ලබන අඛණ්ඩ වෑයම් අපි අගය කරන්නෙමු.’’

(Lankadeepa)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article