Friday, September 20, 2024

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු ජනාධිපති වරදක් කලත් නඩු පැවරිය නොහැකියි – උදය ගම්මන්පිල

Must read

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්දව වැරදිකරුවෙකුවුවත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වන වගන්තිය ප්‍රකාරව ඔහුට හිමි ජනාධිපති විනිර්මුක්තිය අනුව  නඩු පැවරිය නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරයි. ඔහු මේ බව සදහන් කර තිබුණේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කය සදහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු විමර්ශනයකට ලක් නොවන බව පොලිසිය පසුගිය සතියේ තහවුරු කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article