පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්රගති සමාලෝචන රැස්වීමට ඊයේ (11) සහභාගී වූ ජනාධිපතිවරයා සදහන් කර සිටියේ පාස්කු ප්රහාරය සම්බන්දයෙන් සොයන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සහභාගීවීමට හෝ නොවීමට තම අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව පවතින බව නීතිපතිවරයා තමාට දන්වා ඇති බවයි.
නමුත් ජාතික ආරක්ෂාව සලකා බලමින් හා ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් ඉදිරියේදී කටයුතු කරන බවද ජනාධිපතිවරයා එම අවස්ථාවේදී සදහන් කර ඇත.