Sunday, November 24, 2024

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මාර්තු 2, මැතිවරණය අප්‍රේල් 25

Must read

පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.එසේ වුවහොත් මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මාර්තු 11 -17 අතර කාලය තුල නාමයොුජනා කැදවීමටත් මහමැතවරණයෙන් පසු පලමුව පාර්ලිමේන්තුව රැස් වන දිනය මැයි 12වනදා වීමටත් බොහෝ විට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

නියමිත දිනට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත්, නාමයෝජනා කැඳවීමේ දින වකවානු, ඡන්දය පැවැත්වෙන දිනය හා පාර්ලිමේන්තුව කැඳවන දිනය ආදිය අදාළ විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුතුව ඇති බැවින්, ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුව මාර්තු 2වනදා විසුරුවා හැරියහොත් ඡන්දය පැවැත්වීමට හැකි දින සහ නාමයෝජනා දින ආදිය විමසමින් මැතිවරණ කොමිසන් සභාව වෙත ජනාධිපති ලේකම්වරයා විසින් ලිපියක් යවා ඇති බව ලංකාදීප වාර්තා කර සිටියි.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලවකවානු සම්බන්ධයෙන් නීතිමය තත්වය ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් දා නීතිපතිවරයාගෙන් විමසා තිබූ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ලබන මාසයේ 1 වැනිදායින් පසුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article