රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය කඩිනමින් විසඳීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරයක් කතානායකවරයා වෙතින් ලිඛිතව ඉල්ලා ඇති බව කතානායක කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ, සහ ද්‍රවිඩ සන්ධානය මේ වන විටත් වෙනම ලිපි ලබාදෙමින් කතානායකවරයා දැනුවත් කර ඇත.
එසේම ජනතා විමුක්ති පෙරමුණ ද මෙම ඉල්ලිම ලිඛිත අද උදෑසන ලබා දීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 128ක් පාර්ලිමේන්තුව වහාම කැඳවන යෝජනාවට පක්ෂව සිටින අතර, පාර්ලිමේන්තුව කල්දමා තිබීමට පක්ෂව සිටින්නේ කතානායකවරයා හැර මන්ත්‍රීවරුන් 96ක් පමණි.
පවතින පාර්ලිමේන්තු සංයුතිය අනුව මෛත්‍රී – මහින්ද පාර්ශවය සතුව සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 95ක් පමණි.
www.infosrilankanews.info