Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

නොරොච්චෝලෙට ගල් අඟුරු වලිනුත් කෝටි 13 ක පාඩුවක්

Must read

නොරොච්චෝලේ තාප විදුලි  බලාගාරයට ගෙනා ගල් අඟුරු වලින් රුපියල් කෝටි 13 ක ආදායමක් රජයට අහිමිවී ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ  ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) වාර්තාවේ සඳහන්වේ. මෙසේ මෙම පාඩුව සිදුව ඇත්තේ ගල් අඟුරුවලට බදු අය කිරීමේ දී සිදුවූ වැරැද්දක් නිසා බවද එම වාර්තාවේ සදහන් වෙයි.

ඊයේ(6)පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාවට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ආයතන රැසකින් පසුගිය වසරේදී පද්ධති දෙකක් හරහා රුපියල් කෝටි දහ දහස් පන්සීයකට වැඩි හිඟ බදු මුදල් ප්‍රමාණයක් අයකර ගත යුතුව තිබුණත් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි හාරසිය හතළිස් දෙකක් පමණකි.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article